25 May 2026

logo

ධම්මික දසනායක සිය ධූරයෙන් ඉවත් වෙයි



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
 
පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධූරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ් අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

(colombotimes.lk)