19 February 2026

logo

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ අලුත් තනතුරක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ඊයේ (09) රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන සභිකයන් නම් කිරීම පිළිබඳ අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක්ද පත් කර තිබෙනවා.  

(colombotimes.lk)