10වන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ තේරී පත්වී තිබෙනවා.
එම මිත්‍රත්ව සංගමය යළි ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මෙම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් එක්ව සිටිය.