09 May 2025


දින 40කට පසු අතුරුදහන් ළමුන් හමුවෙයි



කොලොම්බියාවේ Caqueta ප්‍රදේශයේ සිදු වූ ගුවන් යානා අනතුරෙන් දින 40කට පසු අතුරුදහන්ව සිටි ළමුන් 4 දෙනා ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කොලොම්බියාවේ ජනාධිපති Gustavo Petro ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ මෙම සහෝදර සහෝදරියන් බේරා ගැනීම “මුළු රටටම සතුටක්” බවයි. 
 
අතුරුදන්ව සිටි දරුවන් අවුරුදු 13,9,4 සහ අවුරුද්දක යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ. 
 
ඔවුන් ගමන් ගත් සැහැල්ලු ගුවන් යානය මැයි 1 වැනිදා කඩා වැටීමෙන් දරුවන්ගේ මව සහ ගුවන් නියමුවන් දෙදෙනා මිය ගියා.
(colombotimes.lk)