තම තොරතුරු තාක්ෂණ කුසලතා භාවිතා කරමින් හමුදාව බලයෙන් පහ කිරීමේ උත්සාහයට සම්බන්ධ වීමට Ko Toot නම් මියන්මාර ජාතිකයෙකු තීරණය කර තිබෙනවා.ඒ, 2021 පෙබරවාරි කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ සොල්දාදුවන් ඔහුගේ මිතුරා සහ ගැබිනි බිරිඳ අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.මෙයට විරුද්ධව ඔහු ජංගම දුරකථන ක්‍රීඩා App එකක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.'Real people in a real war' වන මෙහි සැබෑ සිදුවීමක් ඇතුලත් වන අතර එය ක්‍රීඩා කිරීමේදී හමුදා පාලනයට විරුද්ධව ආධාර එක්රැස් වන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)