10 May 2025


මියන්මාරයට රුපියල් මිලියන 45ක මුදලක්



සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාරයට රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම වෙනුවෙන්.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේ විසින් මෙම මුදල මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් වෙත භාරදී තිබෙනවා.

දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 271ක දායකත්වයෙන් මෙම මුදල රැස්කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)