ඇමරිකාවට විසින් ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවීම ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි ලෙස බලපාන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවයි.
රජයේ අපනයන ඉලක්ක මේ වන විට අවදානමට ලක්ව ඇති බවත් එමඟින් ආර්ථික ප්‍රකෘතිය තවත් දුෂ්කර වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඇමරිකාව සමඟ සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් අයවැය යෝජනා නැවත සකස් කර අපනයන ආදායම් පවත්වා ගැනීම සඳහා විකල්ප විසඳුම් සොයන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියා.