පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අද (04) පස්වරුවේ සභාගත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.
(colombotimes.lk)