09 May 2025


සිම්බාබ්වේ යන මෙරට සංචිතය නම් කරයි



සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය  
 
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා,චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත 
 
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය ජුනි 10 වැනිදා සිම්බාබ්වේ දේශය වෙත පිටත්ව යාමට නියමිතයි. 
 
ඒ අනුව ජුනි 13 වැනිදා තරගාවලියේ පුහුණු තරග ආරම්භ වන අතර ජුනි 18 වැනිදා තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)