04 March 2025


ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත්කරයි



ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීරව පත්කර තිබෙනවා.

මෙම පත්වීම අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර 1991 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න ඊයේ (03) සිට විශ්‍රාම ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)