විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දරගේ සේවා කාලය 2025 මැයි 06වනදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඇය මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරන අතර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙස ද සේවය කරනු ලබනවා.
(colombotimes.lk)