10 May 2025


පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත් කරයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මට්ටමේ නායකත්ව තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කර තිබෙනවා.
 
ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන එම ධූරයෙන් ඉවත් කරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර තිබෙන බව සඳහන්.

මේ අතර මාතර දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය කාංචන විජේසේකර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක පත් කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇත්තේ අමාත්‍ය රමේෂ් පතිරණ වෙනුවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වායි.

(colombotimes.lk)