ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)