colombotimes.lk
සිංහල | English

20 May 2024

උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්



විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වනදාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ යෝජනා මේ මස 01 වනදා ලබා දිය යුතු වූවත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි.

ඒ අනුව 10 වනදා දක්වා කල් ලබාදුන් බවයි කොමිසම වැඩිදුරටත් කියා සිටියේ.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.
(colombotimes.lk)