මෙරට පවත්වාගෙන යන විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා හා මණ්ඩප නියාමනයට නව වැඩපිළිවෙළක් සැකසීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ එම ආයතනවල උපාධි පාඨමාලා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණය ගත් බවයි.
දැනට විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා හා මණ්ඩප ඇතුළු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 100කට අධික සංඛ්‍යාවක් මෙරට පවතින බවට ගණන් බලා තිබෙනවා.
ඔහු කියා සිටියේ ඒවා දැනට ලියාපදිංචි කර ඇත්තේ ආයෝජන මණ්ඩලයේ පමණක් බවයි.
(colombotimes.lk)