පළාත් පාලන ආයතන 250කට ආසන්න ප්‍රමාණයක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මැයි මස 06වනදා පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
ඒ අද (10) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බවයි.
(lknews.lk)