විදේශ රැකියා සඳහා වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100,413දෙනෙක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී තිබෙන බවයි.
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ඉන් වැඩිම පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.
එම ප්‍රමාණය 25,672ක්.