මෙම වසරේ ගත වූ කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
ඒ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු සඳහන් කළේ පොලීසිය විසින් රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්න සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.