19 April 2025


හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය පැවැත්වෙන ස්ථානය ගැන දැනුම්දීමක්



සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අප්‍රෙල් මස 16වන බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

(colombotimes.lk)