20 April 2025


ගතවූ පැය 24 තුළ රෝහල්ගත කළ පිරිස ඉහළට



ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු මඟින් තුවාල ලැබූ පුද්ගලයන් 80කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් වාර්තා සඳහන් කළේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු උදාවත් සමඟ විවිධ කටයුතුවලදී හදිසි අනතුරු සිදුවන බැවින් මෙම අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

(colombotimes.lk)