වසර 16කට පසුව පැවැත්වෙන 'සිරි දළදා වන්දනාව' අද (20) 3වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද දහවල් 12.00ට සිට පස්වරු 5.30 දක්වා බැතිමතුන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අද දිනයේද 'සිරි දළදා වන්දනාව' සඳහා ලක්ෂයට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර ඇති බවයි.