සිරි දළඳ වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට හදිසි අවස්ථා දැනුම්දීම සඳහා දුරකථන අංක හඳුන්වාදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 0812224660 සහ 0812224661 එම දුරකථන අංක බවයි.
ඒ අනුව හදිසි අවස්ථාවකදී හෝ අතරමං වූ විටකදී ළඟම සිටින පොලිස් නිලධාරියාට හෝ අදාළ දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
දළඳා සමිදුන් වැඳපුදා ගැනීමට පැමිණීමේදී විශාල ගමන් මලු රැගෙන ඒමෙන් වළකින ලෙස යුධ හමුදාව සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.