පාස්කු ඉරු දින දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින්.
බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හී සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කරමින් ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසද උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ ඒ වෙනුවෙන් නිසි ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා
(colombotimes.lk)