20 April 2025


සිරි දළදා වන්දනාව වෙනුවෙන් නව අතිරේක දුම්රිය 2ක්



සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය 2ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම අතිරේක දුම්රිය සේවා ලබන 28වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහනුවර දක්වා දුම්රියක් සෑම දිනකම පස්වරු 07.55ට ‍කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වන අතර රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්වන එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට දුම්රියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

(colombotimes.lk)