09 May 2025


වැරදි කරන රියදුරන්ට වැඩ වරදියි



රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

ඒ හරහා රියැදුරන් සිදුකරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බව එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළා. 
 
මේ අතර, ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර තිබෙනවා. 
 
ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි. 
 
මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218ක් පමණ සිදුව තිබෙනවා. 
 
එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි එරන්ද පෙරේරා මහතා සඳහන් කළා.
(colombotimes.lk)