එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවාගේ වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා වන්නට පැතුම් නිශ්ශංක අද සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්තානය සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි.
පැතුම් අද සහභාගී වූයේ සිය 50 වන එක්දින තරගයටයි.
ඇෆ්ගන් පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ පැතුම් නිශ්ශංක අද පන්දු 139 දී 4 පහර 20ක් සහ 6 පහර 8ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගත්තා.
ඒ අනුව අද පැතුම් බිඳ හෙලුවේ වසර 24කට පෙර සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා ගෙන තැබූ වාර්තාවයි.