colombotimes.lk
සිංහල | English

19 May 2024

ඇමති විජයදාසගේ පෙත්සමට ලැබුණු නියෝගය



අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා.

ශ්‍රී. ල. නි. ප වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය අද නිකුත් කළා.

(colombotimes.lk)