30 July 2025

logo

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීමට ලැබුණු නියෝගය



වැඩ තහනම් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයදුමක් පිළිබඳ නියෝගය ලබාදීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම නියෝගය ලබන අගෝස්තු 05වනදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අරගල සමයේ නඩුවකට තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස වැඩ තහනම් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ඇප අයදුම ගොනුකර තිබෙනවා.

(colombotimes.lk)