රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩ කළ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් 30වනදා කැඳවීමට නියම කළා.
ඒ අදාළ පැමිණිල්ල අද (19) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා පත්‍ර භාරදී නොමැති බවයි.
ඒ අනුව පැමිණිල්ල නැවත අප්‍රේල් මස 30වනදා කැඳවීමටත් එදින සැකකරුට චෝදනා පත්‍ර භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
(colombotimes.lk)