03 November 2025

logo

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි



2024 අ.පො.ස. (සා/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි. 

මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (සා/පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද (09) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි. 

(colombotimes.lk)