colombotimes.lk
සිංහල | English

19 May 2024

PHOTOS | මන්නා රමේෂ් බස්නාහිර අපරාධ කොට්ඨාසයට



ඩුබායි සිට අද (07) උදෑසන දිවයිනට රැගෙන ආ පාතාල නායක රමේෂ් ප්‍රියජනක නොහොත් 'මන්නා රමේෂ්' බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අද උදෑසන මෙරටට රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට මාස දෙකකට පෙර ඩුබායි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)