19 April 2025


පානදුරාවාද ලේඛන යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කරයි



ශ්‍රී ලංකාවට අයත් ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහනක් ලෙස එක් කර තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය නිවේදනය කළේ මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 වසරේදී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් එලෙස ලෝක ලේඛණයට මතක සටහනක් ලෙස එක් කර ඇති බවයි.

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා ශිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල් ලිපි සහිත ගල් පුවරුවක් බවයි සඳහන් වන්නේ.

1911 වසරේදී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙක් විසින් සොයාගන්නා ලද මෙම ගල් පුවරුව මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය සඳහා තබා තිබෙනවා.




(colombotimes.lk)