දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් කළ පාසල් ප්‍රවාහන ගාස්තු



පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි, එම සංගමයේ සභාපති පැවසුවේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි.

ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
(colombotimes.lk)