18 December 2024


විශේෂ විවාදයකට පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි



පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු  5.00 දක්වා පෙර දින කල්තබන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක සම්බන්ධ විවාදය සමඟ ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගය, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි ඇතුළු නියෝග කිහිපයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)