colombotimes.lk
සිංහල | English

05 May 2024

බැසිල්ගේ අරමුණ පාඨලී හෙළිකරයි



රාජපක්ෂ පවුලේ පස්දෙනෙකු පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා බැසිල් රාජපක්ෂ මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බව පා.ම පාඨලී චම්පික රණවක පවසනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බැසිල් රාජපක්ෂට අවශ්‍ය විදිහට නොව, රට බේරා ගැනීමට අවශ්‍ය ආකාරයට මැතිවරණය පැවැත්විය යුතු බවයි.

(colombotimes.lk)