07 January 2026

logo

පැතුම්ගේ සුපිරි ඉනිමට ප්‍රවීණයන්ගෙන් පැසසුම්



සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කරමින් ලකුණු 127ක් රැස් කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 2වන ශතකය ලෙසයි.

පැතුම්ගේ මෙම ඉනිම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ප්‍රහාරාත්මක වේගයක් රදවා ගත් 4වන ඉනිම ලෙස වාර්තා අතරට එක්වුණා.

ඔහු එහිදී රඳවා ගත් ප්‍රහාරාත්මක වේගය 102.41ක්.

පැතුම් ක්‍රීඩා කළ මෙම විශිෂ්ට ඉනිමට ප්‍රවීණයන් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සුභාශික්ෂණ එක් කර තිබුණා.



(colombotimes.lk)