14 March 2025


මහජන බැංකුවේ අන්තර් ප්‍රාදේශික ක්‍රීඩා තරඟාවලියේ තරඟ අති උත්කර්ෂවත් ලෙසින්



මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධානය කරන අන්තර් ප්‍රාදේශික ක්‍රීඩා තරඟාවලියේ වොලිබෝල් හා දැල් පන්දු තරඟ පසුගියදා පැවැත්වුණා.

ඒ වතුපිටිවල, ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

වොලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 22ක් සහභාගී වී තිබෙනවා.

එහි ශූරතාවය ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායමට හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනු ශූරතාවය රත්නපුර ප්‍රාදේශිකයට, තෙවැනි ස්ථානය හම්බන්තොට ප්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය කුරුණෑගල ප්‍රාදේශිකයට හිමිවී තිබෙනවා.
 
දැල් පන්දු තරඟාවලියට සහභාගි වූ කණ්ඩායම් 18 අතරින් ශූරතාවය මහනුවර කණ්ඩායමට, අනුශූරතාවය නුවරඑළිය ප්‍රාදේශිකයට, තෙවන ස්ථානය පොළොන්නරුව ප්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය ගම්පහ ප්‍රාදේශිකයට හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.



(colombotimes.lk)