27 May 2026

logo

රක්ෂිතවල ඉඩම් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන



විවිධ බලපෑම් මත පසුගිය කාලයේ වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ සංවර්ධන, ඉදිකිරීම් හා කෘෂිකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවයි.

පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ නීත්‍යානුකුල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බවයි.

(colombotimes.lk)