ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර ඇති බවයි.
නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)