07 February 2025


විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්නපුර නිවිතිගල මාර්ගයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව නිවිතිගල පොලිස් ස්ථානය සඳහන් කළා.

(colombotimes.lk)