මෙම වසර මැදභාගයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2016 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පසුව ඉදිකිරීම් නවතා දමා තිබූ මහල් 16කින් සමන්විත කොළඹ කාසල් වීදියේ ඉදිකෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට විශාල කුලී මුදල් ප්‍රමාණයක් ගෙවමින් බාහිර ස්ථානවල ස්ථාපිත කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඉදිරි මාස 04ක කාලය තුළ මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම සඳහා සියලු ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)