colombotimes.lk
සිංහල | English

06 May 2024

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡාව අසාර්ථක වෙයි



වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවති දෙවන සාකච්ඡා වටය ද අසාර්ථක වී තිබෙනවා.

ඒ වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් ඒ සඳහා නොපැමිණීම හේතුවෙන්.

කම්කරු කොමසාරිස් ජෙනරාල් අශෝක ජයසුන්දර කියා සිටියේ ඔහු මේ සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කරන බවයි.

ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප් 2021 වසරේදී අවසන් වරට වැඩි වී ඇති අතර එම වැටුප රුපියල් 1000ක් ලෙස දක්වා තිබෙනවා.

මේ වන විට වතු වෘත්තීය සමිති පවසන්නේ තම දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කළ යුතු බවයි.  
(colombotimes.lk)