04 July 2025

logo

පොලිස් අධිකාරි නෙවිල් සිල්වා රිමාන්ඩ්



විමර්ශනයකදී පැමිණිලිකාර පාර්ශවයට වාසිදායක වන අන්දමින් කටයුතු කළ බවට සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාව ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔහුව දෙසැම්බර් මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඔහුව එම කාලය තුළදී දැඩි ආරක්ෂාවක් යටතේ කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)