04 July 2025

logo

සිසුවා ඇදවැටුණු බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදියි



මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙක් ඇදවැටුණු සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී රියදුරු සහ කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බවට නිරීක්ෂණය වූ බවයි.
 
ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරුගේ සහ කොන්දොස්තරගේ  සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

(colombotimes.lk)