තීරුබදු විරාමය ජූලි 9වනදා අවසන්වීමට පෙර තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවයි.
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව 'තවත් ගිවිසුම් කිහිපයක්' අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද ජනපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)