10 May 2025


පොලිස් නිලධාරියෙක් ගැන පොලීසියෙන් විමර්ශන



යුද හමුදා නිලධාරියෙක් හට පොලිස් නිලධාරියෙක් බැනවදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව වැඩබලන පොලිපතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 01 භාර පොලිස් අධිකාරී විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.  

news images

(colombotimes.lk)