නුවරඑළිය මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයන් 21දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල සිට බදුල්ල දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් එලෙස අනතුරට ලක්වී තිබෙනවා.
තුවාලකරුවන්ට සහ බස් රථයේ ගමන් ගත් සෙසු පිරිසට නුවරඑළිය පොලීසිය මඟින් ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)