10 May 2025


පොළොන්නරුවේදී තවත් තිදෙනෙක් සජබයට



සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම අද (25) පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර යන අය එහිදී සමගි ජන බලවේගය හා එක් වුණා.

(colombotimes.lk)