අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට කාදිනල්හිමිවරුන්ගේ මහා සභාව අද (22) රැස්වීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ මහ සභාව වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
(colombotimes.lk)