colombotimes.lk
සිංහල | English

19 May 2024

ප්‍රභා හිටියා නම් කවුරුත් පොදු අපේක්ෂකයෙකු ගැන කතා කරන්නේ නෑ - ධීවර ඇමති



එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් උතුරේ දේශපාලඥයින් පොදු අපේක්ෂකයෙකු පිළිබඳව කතා කිරීමට නොසිතනු ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා.

ජනාධිපතිවරණයට දෙමළ ජනතාවගේ පාර්ශවයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ පාර්ශව රැසක් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම යෝජනාව හරි හෝ වැරදි යැයි තමා නොකියන බව පැවසූ අමාත්‍යවරයා මෙම යෝජනාවේ කිසිදු සත්‍යවාදී බවක් පෙනෙන්නට නැති බව ද කියා සිටියා.

මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ධීවර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)